අ.පො.ස උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂය සාර්ථකව හැදෑරීමට අවශ්‍ය සියළුම පාඩම් ඒකක මෙම වෙබ් අඩවිය හරහා ක්‍රමානුකූලව, පහසුවෙන්, ඕනෑම ස්ථානයක සිට, ඕනෑම කාල රාමුවක ආවරණය කරගැනීමට ඔබට හැකියාව ලැබේ. එක් එක් පාඩම සඳහා සකස් කර ඇති වීඩියෝ පාඩම් මඟින් විෂය කරුනු වඩාත් පැහැදිලිව ඉගෙනගැනීමට අවස්ථාව ලබා දේ. තාක්ෂණවේදය විෂය ධාරාව හදාරා, විෂය ක්ෂේත්රයට අදාළ සුදුසුකම් සහ ප්‍රායෝගික දැනුමෙන් සන්නද්ධ වූ ගුරුවරයෙකු ලෙස, සිසුන්ට විෂයේ මූලික සංකල්ප සිට විභාගයට අවශ්‍ය උසස් මට්ටමේ දැනුම දක්වා සරලව, නිවැරදිව හා අවබෝධ කරගැති ආකාරයෙන් ඉගැන්වීම මෙම පාඨමාලාවේ විශේෂත්වය වේ.
නමුණු කලුතන්ත්‍රි, (Namunu Kaluthanthri) විෂයෙහි ප්‍රවීණයෙකුගේ මෙහෙයවීම යටතේ උසස් පෙළ SFT විෂය නිර්දේශයේ අත්සක් මුල්ලක් නෑර මුල සිට සරලවම ඉගෙන ගන්න.
Sabaragamuwa University of Sri Lanka
භෞතික විද්‍යාව සහ ගණිතය සම්බන්ධ පාඩම් ඒකක සඳහා කටපාඩම් සම්ප්‍රදායෙන් ඔබ්බට - අවබෝධයෙන් පිළිතුරු සැපයීමට මගපෙන්වන සුවිශේෂී ඉගැන්වීම් ක්‍රමවේදය.
රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව සම්බන්ධ පාඩම් ඒක සඳහා Video පාඩම් මාලාවට අමතරව ලබාදෙන ඔබට Download කරගත හැකි කෙටි සටහන්.
තොරතුරු සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ පාඩම් ඒකක සඳහා Screen Record භාවිතයෙන් සිදුකරන ප්‍රායෝගික ඉගැන්වීම් ක්‍රමවේදය.
සෑම පාඩම් ඒකකයක්ම අවසානයේ එම පාඩම් ඒකකට අදාළව පසුගිය විභාග ගැටළු සාකච්ඡාව සඳහා Upload කරන Video පාඩම්.
සමස්ත පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට අවශ්‍යතාවක් නොමැති සිසුන්ට, තමාට අවශ්‍ය පාඩම් ඒකකය සඳහා පමණක් මුදල් ගෙවා එයට ප්රවේශවීමට ඇති හැකියාව.
ගැඹුරු විෂය කරුණු යල්පැන ගිය ක්‍රමවේදයන් වෙනුවට තමන් විසින් අනුගමනය කළ අතිසාර්ථක නවමු ක්‍රමවේදයන් ඔස්සේ දරුවන්ගේ SFT දැනුම පෝෂණයට නිබඳවම කැපවෙමින් සිටින තරුණ ගුරුවරයෙකි.
අප පන්තියෙන් බිහි වූ දරුවන් මේ වන විට ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයකම දැකිය හැකි අතර, ඔහු අවවාදයට එහා ගිය ආදර්ශයක් ලබා දෙමින් සිසුන් විභාගයට මුහුණ දෙන තෙක්ම විෂයන් සඳහා නිවැරදි මග පෙන්වීමක් ලබා දෙයි.